Monday, January 31, 2011

අලුත් අවුරුද්දට අලුත් දෙයක්෴


හැම දෙනාටම සුභ නව වසරක් වේවා... ඉතින් කොහොමද?  ගිය අවුරුද්දෙ Post කරපු ඉංග්‍රීසි පාඩම් වලින් ලොකු ප්‍රගතියක් තියෙන බව එන ප්‍රතිචාරවලින්ම පේනව... කොහොම උනත් ඔයා මේ අවුරුද්දෙ ඉදං නං අපිත් එක්ක එකතු වෙන්නෙ පරන Post ටික බලලම මෙතනට ආවොත් හොදයි කියල හිතනව... 

                                හරි මම බලා පොරොත්තු වෙනව මේ අවුරුද්දෙත් ඔයාලට අලුත් දෙයක් දෙන්න. අපි ගිය අවුරුද්ද පුරාම English ඉගෙනගත්තෙ සිංහලෙංනෙ, මට හිතුන දැං අපි ඉංගිරිසියෙන්ම ඉංග්‍රීසි  ඉගෙනගත්තොත් තවත් හොදයි කියල... හක් හක්.... ටිකක් බය වුනා නේද. හපෝ බයවෙන්න කාරි නෑ.... මේක මේ පටං ගන්නෙ මොන්ටිසෝරි යන ලමයින්ට උගන්නන දේවල් වලින්. හරිම සරලයි....... 


                               හොඳයි මුලින්ම මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මම මේ Upload කරන Video ටික අයිති මම හිතන විදියට “Gateway Language Centre” කියන ආයතනයට. Schoolnet 1කේ තමයි මේව තිබුනෙ. නමුත් මෙතන මම දැකපු ලොකු ප්‍රශ්නයක් තිබුන ඒ තමයි මේ Video ටික තිබුනෙ හැංගිලා.. හරියට පිදුරු ගොඩකට ඉදිකට්ටක් වැටුන වගේ.  අනිත් එක තමයි මේ Video එකක File Size එක 700MB වලටත් වැඩියි. ඔන්න ඔය නිසා තමය් මම මේ Video ටික File size එක අඩු කරල ඔයාලත් එක්ක Kadda Blog අඩවිය හරහා බෙදා ගන්න හිතුවෙ.
    හැබැයි දැං තව ප්‍රශ්නයක් තියෙනව සමහරු මට චෝදනා කරයිද දන්නෙ නෑ අනුන්ගෙ දේවල්  හොරකං කරන හොරෙක් කියල.  එහෙම උනොත් නම් ඉතිං මටයි Blog එකටයි දෙකටම Sorry තමයි.........
                                         කමක් නෑ ඕන කෙංගෙඩියක් වෙන්න කියල හෙට ඉඳං අලුත් පාඩම පටං ගම්මු. එහෙනං අදට ඔය මැදෑ ටටා කිව්ව....

0 comments:

Post a Comment